බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ඊශ්‍රායලයට පැමිණීමට නියමිත බවත්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හෙරොග් හමුවීමට බලාපොරොත්තු වන බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
ගාසා තීරයේ ගැටුම්වලින් මියයන පලස්තීනුවන් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස කනගාටුව පළ කර ඇති අතර, ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී සමථයකට පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔහු සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ගාසා තීරයේ පලස්තීන වැසියන් වෙනුවෙන් මානුෂීය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වනු ඇති බව සදහන්.
