ඉඩමක් නිසා එක කුස උපන් සහෝදරයෝ මරා ගෙන.

ඊයේ(16) දහවල් කාලයේ සූරියවැව පොලිස් වසමේ කොග්ගල්ල ප්‍රදේශයේ නිවසක ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .

වාර්තා වන ආකාරයට ඉඩම් ආරවුලක් හේතුවෙන් එකම පවුලේ බාල සහෝදරයා විසින් වැඩිමල් සහෝදරයාට කැත්තකින් පහර දී මෙම ඝාතනය සිදු කර තිබේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි .

එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වූ බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ .

මෘත දේහය හම්බන්තොට රෝහල වෙත රැගෙන ගොස් ඇති බවත් , සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සූරියවැව පොලීසිය විසින් සිදු කරන බවත් වාර්තා වේ .

Exit mobile version