නතාෂාට උදව් කළ බෲනෝ අත්අඩංගුවට .

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් බෘෘනෝ දිවාකර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (31) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පැය 8ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සදහන් කර තිබේ.

Exit mobile version