බක් පුර පසලොස්වක පෝය දිනය අදයි.

බක්පුර පසලොස්වක පෝය දිනය අදට(5)යෙදී තිබේ .

බක්පුර පසලොස්වක පෝය දිනය තුළ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදුව තිබෙන බවට වාර්තා වේ.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි දිනකයි.

එමෙන්ම චූලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර වූ ගැටුමක් සමනය කිරීම සදහා උන් වහන්සේ නාගදීපයට වැඩම කළ බව සදහන් වේ.

තවද සිදුහත් කුමරු සතර පෙරනිමිති වලින් පළමු නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද අද වැනි බක් පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

Exit mobile version