2024 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයවැය දෙවන වර කියවීමේ විවාදයේ 07වන දිනය අද වන බවත් ඡන්ද විමසීම පස්වරු 06ට පැවැත්වීමට නියමිත බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස පසුගිය නොවැම්බර් මස 13 වනදා ලබන වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙට දිනයේ සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත බව සදහන්.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ අද දිනයේ සමගි ජනබලවේගය ප්‍රමුඛ විපක්ෂය අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවයි.
