ධීවර යාත්‍රා 10ක් ගිනිබත් කරයි

.කිසියම් පිරිසක් විසින්  පේදුරුතුඩුව වෙරළ තීරයේ  ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට ගිනිතබා ඇති බව වාර්තාවේ.

පොලිසිය සදහන් කර ඇත්තේ  පේදුරුතුඩුව නගර් කෝවිල් ප්‍රදේශයේ වෙරළ තීරයේ ගාල්කර තිබූ ධීවර බෝට්ටු කිහිපයකට ඊයේ (22) අලුයම මෙම ගිනි තැබීම සිදු කොට ඇති බවයි.

ධීවරයන් පවසා ඇත්තේ  ගින්නෙන් බෝට්ටු 10කට හානි සිදුව ඇති බවත් සිදුව ඇති  හානිය මේ වන  තෙක් තක්සේරු කර නොමැති බවයි.

මෙම ගිනි තැබීම  සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

Exit mobile version