බස් ගාස්තු පහළට.

ජුලි පළමුවැනිදා සිට අවම බස් ගාස්තුව ඇතුළු සියලුම බස් ගාස්තු 20% කට ආසන්න ප්‍රතිශතයකින් අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ජාතික ප්‍රතිපත්තියට අනුකූලව බස් ගාස්තු අඩු කිරීමේ වගකීම ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත පැවරී ඇති බවත් , එම කොමිෂන් සභාව කාණ්ඩ 12 කට අදාළව ගණනය කිරීම් සිදු කරන බවත් ප්‍රවාහන අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version