හැටන් ලංගම ඩිපෝව තුල පවතින රියදුරු හා කොන්දොස්තර හිගය හේතුවෙන් ඵම ඩිපෝව මගින් ධාවනය කරවන බස් රථ නිසි ලෙස ධාවනය කරවිමට නොහැකිවිමෙන් ප්‍රදේශයේ බස් මගින් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව කරන ලද විමසීමකදි අදහස් දැක්වූ හැටන් ලංගම ඩිපෝවේ නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ඩිපෝව තුල රියදුරන් 25ක හා කෝන්දොස්තරවරුන් 30 දෙනකුගේ හිගයක් පවතින බවත් එම තත්ත්වයන් මත මෙම ඩිපෝව මගින් දෛනිකව ධාවනය කලයුතු බස් රථ ප්‍රමාණය නිසි ලෙස ධාවනය කරවිමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.
මෙම ඩිපෝව මගින් දෛනිකව බස් රථ 93ක් ධාවනය කල යුතුවුවද පවතින රියදුරු කොන්දොස්තර හිගය මත දෛනිකව ධාවනය කල හැකිවන්නේ බස් රථ 80ත් 82ත් අතර ප්‍රමාණයක් බවත් මෙම තත්ත්වයන් මත බස් මගීන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන්නා සේම මෙම ඩිපෝවේ දෛනික ආදායමටත් විශාල වශයෙන් බලපෑමක් ඇතිවන බවයි.
මෙහි පවතින පුරප්පාඩු පිළිබඳව අදාල බලධාරින් දැනුවත් කර සැලකිය යුතු කාලයක් ගතවුවද මේ වන තෙක් එම පුරප්පාඩු සදහා සේවකයන් මෙම ඩිපෝවට අනුයුක්ත කර නොමැති බැවින් මෙවැනි තත්ත්වයක් උදාවී ඇති බවට එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
