ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මිලදී ගැනීම සඳහා ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරයක් වන “ටාටා” සමාගමෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
මෙම ඉන්දියානු ටාටා සමාගම මේ වන විටත් “Air India” සමාගම සහ තවත් ගුවන් සමාගම් කිහිපයක ද මෙහෙයුම් කටයුතු සිදු කරමින් පවතින බවත් , පසුගිය දිනවලදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා මෙරට රජය විසින් ආයෝජකයෙකු සෙවූ නමුත් එහි මූල්‍ය තත්ත්වය මත සැලකිය යුතු යෝජනා ඉදිරිපත් වී නොතිබුණු බව සඳහන්.
