වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ .
විශේෂඥ වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට අදාළව පවතින විධිවිධාන සංශෝධනය කිරීම සඳහා 1927 අංක 26 දරණ වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම පිණිස එවකට සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව 2023 -8-7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළ අතර එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාවේ සඳහන් නිර්දේශ මත පදනම වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
