කංසා භාවිතය සහ වගාව නීතිගත කරමින් ජර්මනියේ කැබිනට් මණ්ඩලය විසින් මතභේදාත්මක පනතක් සම්මත කර තිබෙන අතර දූෂිත කංසාවලින් පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ අවම කර ගැනීමේ අපේක්ෂාවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
ඒ අනුව එරට වැඩිහිටියන්ට මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් දක්වා ළඟ තබා ගැනීමට හැකියාව තිබෙන බවත් , උපරිම වශයෙන් පැළ තුනක් වගා කිරීමට අවස්ථාව සැලසෙන බවත් සඳහන් .
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ මෙම ව්‍යවස්ථාව මඟින් තරුණයින් සඳහා මසකට මිලදී ගත හැකි ගංජා ප්‍රමාණය ග්‍රෑම් 30 ක් දක්වා සීමා කර ඇති බවත් , වැඩිහිටියන් සඳහා ග්‍රෑම් 50 ක් දක්වා මිලදී ගැනීම් සිදු කළ හැකි බවත් ය.
