වගා හානි වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය .

2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

අයහපත් කාලගුණ තත්ත්වය මත ප්‍රමාණවත් පරිදි ජලය සම්පාදනය කර ගැනීමට නොහැකි වීම නිසා 2023 යල කන්නයේ අක්කර 58770ක  පමණ වී සහ වෙනත් බෝග වගා හානි සිදුව ඇති අතර ඒ හේතුවෙන් ගොවීන් 53965ක් පමණ බලපෑමට ලක්ව ඇතැයි රජය පවසයි.

එලෙස බලපෑමට ලක් වූ ගොවීන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගෙන  ගොවීන්ට වන්දි ගෙවීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Exit mobile version