ජපන් සැහැල්ලු දුම්රිය සේවයට කැබිනට් අනුමැතිය හිමි වේ.

ජපාන රජය විසින් අනුග්‍රහය දක්වන යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඊයේ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ඇති අතර ඒ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව සදහන්.

ඒ අනුව අදාළ යෝජනාවේ කොළඹ ජපාන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලය සමග සාකච්ඡා නැවත සක්‍රීය කරමින් අදාළ ගිවිසුමට එළැඹීම සදහා උචිත කාලරාමුවක් සකස් කිරීමට අදාළව කරුණු ඇතුළත්ව තිබේ.

Exit mobile version