වතුකරයේ දුක් විඳින ජනතාවගේ නායකයෙක් වන කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා නීතිය අතට ගෙන දකුණු ඉන්දියානු චිත්‍රපටයක කොටසක රඟපාන්නා සේ මහජනතාවට ත්‍රාස්‍ය සහ භීතිය ඇති කරමින් ඇල්කඩුව වැවිලි සමාගමේ සමාන්‍යාධිකාරිවරයා වන සුරේෂ් නවරත්නම් මහතාට තර්ජනය කරන ලදී.
උතුරේ මෙන්ම මධ්‍යම කඳුකරයේ අහිංසක දමිළ ජාතිකයන් වර්ගවාදයට සහ ජාතිවාදයට පොළඹවන්නේ මෙවැනි ද්‍රවිඩ නායකයන් ය.
මෙසේ ඇමති තොණ්ඩමන් මහතා සුරේෂ් නවරත්නම් නමැති සාමාන්‍යාධිකාරීවරයාට තර්ජනය කරන්නේ ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දෙන ලෙස කියමිනි.
එමෙන්ම මෙහිදී අමාත්‍ය තොණ්ඩමන් මහතා තර්ජනය කරමින් කියා සිටින්නේ එහි සිටින දමිළ ජනතාවට එම ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දිය යුතු බවයි.
මෙරට දමිළ ජනතාවට දීර්ඝ ඉතිහාසයක් තිබේ. නමුත් මෙසේ තර්ජනය කරමින් ඉඩම් අල්ලා ගැනීමට ඉඩ ලබා දිය යුතු බව පවසන්නේ මෙරට අවුරුදු 200කට පමණ පෙර ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට මෙරටට පැමිණි දමිළ ජනතාව වෙනුවෙනි.
රජයට අයත් ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ඒ ආකාරයෙන් කටයුතු කරනා විට උතුරේ සහ දකුණේ සිටින පාරම්පරික දමිළ ජනතාවට ද , සිංහල මෙන්ම මුස්ලිම් ජනතාවට ද මෙම ප්‍රදේශවලට ගොස් බලෙන් ඉඩම් අල්ල ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඇමතිවරයෙකු වන ජීවන් තොණ්ඩමන් මහතා ප්‍රකාශ කරනුයේ “මට නීතිය වැඩක් නැති” බවයි.නීතිය වැඩක් නැති නම් , එසේ ප්‍රකාශ කරනුයේ කැබිනට් ඇමතිවරයෙකු නම් , මේ රටේ හෙට දවස ගැන සිතමින් කටයුතු කරනා මිනිසුන්ගේ හදවතට දැනෙනුයේ සියුම් වේදනාවකි.
රටේ කැබිනට් ඇමතිවරයෙකු මේ ආකාරයෙන් නීතිය අතට ගෙන කටයුතු කරනුයේ නම් මෙරට සමස්ත පුරවැසියන් වැඩි දවසක් නොගොසින් නැවතත් නීතිය අතට ගනු ඇත. ඒ මෙවැනි වර්ගවාදී , ජාතිවාදී , බෙදුම්වාදී මැති ඇමතිවරුන්ට සහ නීතියට පරිභාහිරව කටයුතු කරන මිනිසුන්ට එරෙහිවය.
තවද මෙම රාජ්‍ය වත්තේ උප වතු අධිකාරී වන අනුරාධ විතානගේව එම ස්ථානයට වහාම ගෙන්වන ලෙසත් , එසේ නොපැමිණියහොත් කැබිනට් අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටත්ව නොයන බවටත් තර්ජනය කරමින් ප්‍රකාශ කර තිබේ. ඉන් අනතුරුව ඔහු එම ස්ථානයට පැමිණීමෙන් පසු රාජ්‍ය දේපළ ආරක්ෂා කරමින් සිටි නිලධාරියාට “ මූව රැකියාවෙන් වහාම අයින් කරන්න “ යැයි සභාපති වන සුමිත් ජයරත්න මහතා හට නියෝග කරන ලදී.
මෙහිදී කැබිනට් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සමඟ මෙම වත්තේ වැඩ නොකරන 100 ක් පමණ ප්‍රචණ්ඩකාරී දමිළ ජාතිකයින් පිරිසක් ද පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනාම එක්ව මෙම නිලධාරීන්ට තර්ජනය කර තිබේ. මෙහි විශේෂත්වය නම් මෙම වත්තේ වැඩ කරන කිසිදු සිංහල හෝ දෙමළ ජාතිකයෙකු එම ප්‍රචණ්ඩකාරී ක්‍රියාව සඳහා සහභාගී වී නොමැති වීමයි. මේ අතර අමාත්‍යවරයා සමඟ පැමිණි රස්තියාදුකාර දමිළ ජාතික පිරිසට වත්තේ ඉඩම් බලහත්කාරකමෙන් අල්ලා ගැනීමට කටයුතු කරන ලෙසත් , ඒවාට විරුද්ධ වන අයට එරෙහිව තමන් ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.
මධ්‍යම කඳුකරය තුළ අවුරුදු ගණනාවක් තිස්සේ සිදු වන ජාතිවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව කිසිදු නීතිමය කටයුත්තක් මෙරට සිදුව නැත. දේශපාලඥයින්ද තම ආණ්ඩු පිහිටුවා ගැනීම උදෙසා අනාගතයේ දී නැවත වරක් යුද්ධයක් ඇති කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා තිබේ. ඒ අනුව තව බොහෝ කාලයක් යාමට පෙර මධ්‍යම කඳුකරය තුළ ද වෙනමම ඊලාම් රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා මධ්‍යම කඳුකරයේ ජනතාව සිංහල ජනතාව සමඟ යුද්ධයකට පැටලෙනු ඇත.
මධ්‍යම කඳුකරයේ ජාතිවාදී කෝලාහලයක ඇරඹුම පිළිබඳව අප මීට පෙර වාර්තා කළ පුවත පහතින් ,
