කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් කිරීම සදහා අවශ්‍ය නිර්වින්දන ඖෂධ හිගවීමෙන් සැත්කම් නැවතී තිබෙන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු මේ බව සදහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදීය.
මෙම තත්ත්වය තුළ මව්වරු හා දරුවන්ගේ ජීවිත හානියක් සිදු විය හැකි බැවින් කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් වලට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවට සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර තිබේ.
