ලොරි රථයක් පැහැරගත් වාහන අත්පත් කරගන්නන් පස්දෙනෙකු ලිඳුල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
ගල් පැටවීමට ලොරි රථයෙන් යමින් සිටියදී කාර් රථයකින් පැමිණි මෙම පුද්ගලයන් පිරිස ලොරි රථය පැහැරගෙන ගොස් ඇති බවට ලිඳුල පොලිසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කළ අතර එහිදී මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .
නමුත් පැහැර ගත් ලොරි රථය මෙතෙක් සොයාගෙන නොමැති බව වාර්තා වේ .
