කැනඩා අගමැතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි.

පසුගිය 23වනදා කැනඩා අග්‍රාමාත්‍ය Justin Trudeau විසින් සිදුකළ ප්‍රකාශයක්
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව කැනඩා අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශය මගින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් ගැන සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය එකහෙළා ප්‍රතික්ෂේප කරන තිබේ .

එරට මැතිවරණ ජයග්‍රහණය ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකාවේ අතීත ගැටුම් පිළිබඳව සිදුකරනු ලබන මෙවැනි අසත්‍ය ප්‍රකාශ වාර්ගික සංහිඳියාවට බාධාවක් බවත් , ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය ප්‍රගතිය සංහිඳියාව ඇතිකිරීම සඳහා සහාය වන ලෙසටත් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය කැනඩාවෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ .

Exit mobile version