දැඩි අව්රශ්මියෙන් පිළිකා – පරිස්සම් වෙන්න .

මේ දිනවල පවතින දැඩි හිරු රශ්මිය හේතුවෙන් පෙරවරු 10.00ත් පස්වරු 02.00ත් අතර කාලය තුළ දී එළිමහනට නොයා සිටින්නැයි චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනි මදරසිංහ මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර ඇය ප්‍රකාශ කරන්නේ එළිමහනට යාමේදී අලේපන වර්ග ඇතුළු ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මඟින් දැඩි හිරු රශ්මියෙන් සමට ඇති විය හැකි බලපෑම අවම කරගත හැකි බවයි.

එමෙන්ම හිරුඑළියට දැඩිව නිරාවරණය වීම නිසා පිළිකා කාරක තත්ත්වයන් ද ඇති වීමේ අවදානමක් පවතින බව ඇය සඳහන් කර තිබේ .

ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ අව් රශ්මියෙන් වැළකීමට හිස් වැසුමක් හෝ කුඩයක් භාවිත කිරීම යෝග්‍ය බවත් , දීර්ඝ කාලීනව හිරු එළියට නිරාවරණය වීමේදී සම ඉක්මනින් වියපත් වන බවත් , හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ මඟින් සම වයසට යාමේ ක්‍රියාවලිය ඉක්මන් වන බවත් ය.

Exit mobile version