රිය අනතුරක් නිසා ඇති වූ ගැටුමකින් 11 ක් රෝහලේ.

යතුරුපැදි අනතුරකින් පසුව දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් ප්‍රතිකාර සඳහා 11 දෙනෙකු වවුනියාව රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වේ .

උලුක්කුලම ප්‍රදේශයේ ඇති වූ අනතුරකින් පසුව මෙම ගැටුම ඇති වී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු උලුක්කුලම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version