පාස්කු ප්‍රහාරයට කාදිනල් සම්බන්ධයි – පාවිච්චි උනා – සාක්ෂි තියෙනවා.

පාස්කු ප්‍රහාරය සමඟ සිදු වූ බල පෙරළිය වෙනුවෙන් ඇති වූ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද පාවිච්චි වී ඇති බව සමාජ ක්‍රියාකාරියෙකු වන ෂෙහාන් මාලක ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු සඳහන් කර තිබෙන්නේ ඒ පිළිබඳ සනාථ කළ හැකි සාක්ෂි ද තමන් සතු බවයි.

මෙම කුමන්ත්‍රණය පිළිබඳ කාදිනල් හිමියන් දැන නොසිටි බවත් පිරිසක් සැලසුම් සහගත ලෙස උන්වහන්සේ ඒ සඳහා යොදා ගත් බවත් ඔහු මෙහිදී සඳහන් කර තිබෙන්නේ ඊට සම්බන්ධ වූ කිහිපදෙනෙකුගේ අනන්‍යතාවයද ප්‍රසිද්ධියට පත් කරමිනි.

ගර්භාෂ යුද්ධය, අල හොදි සමඟ වඳ කොත්තු නාඩගම ඇතුළු කුමන්ත්‍රණ ද මේ හා බද්ධ වී තිබු බව ද ඔහු මෙම සාකච්ඡාවේ දී අනාවරණය කර තිබේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්.

Exit mobile version