රන් ආලේපිත බෝල සමඟ 4ක් මාට්ටු.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව පිවිසුමේ රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියෙහි නිරතව සිටි විශේෂ කාර්‍ය බළකායේ නිලධාරීන් විසින් මෝටර් රථයක තිබී සැකකටයුතු රන් ආලේපිත කුඩා ප්‍රමාණයේ බෝල 949 ක් සමඟ මෝටර් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තණමල්විල , ඇතිලිවැව සහ පයාගල යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 21 ත් 35 ත් අතර වයස්වල පසුවන සිව් දෙනෙකි.

මෙම සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ වැලිගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසට යාම සඳහා පැමිණි බවත් , එම රන් ආලේපිත බෝල නිවසේ තිබෙන පිත්තල වාහන අලුත් වැඩියා කිරීම සඳහා මීට සති කිහිපයකට පෙර මහනුවර පිළිමතලාවෙන් මිලදී ගත් බවත් ය.

Exit mobile version