ගවයන් සොරකම් කළ මත්ලෝලීයා අත්අඩංගුවට.

ගවයින් හතළිහක් සොරකම් කර විකුණා එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කළ පුද්ගලයෙකු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්හත් හැවිරිදි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලි ග්‍රෑම් 200 සොයාගත් බවට පොලිසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.

ගව සොරකම් සම්බන්ධව සැකකරුට විවිධ ප්‍රදේශවල අධිකරණවලින් වරෙන්තු නිකුත් වී ඇති බවද අනාවරණය වී තිබේ.

Exit mobile version