නිතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද සන්නිවේදන උපකරණ තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
මොවුන් කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 22, 27 හා 46 යන වයස්වල පසුවන්නන් බව සඳහන් .
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ සිට පිටව යාමට සුදානම් වු මොටර් රථයක් පරික්ෂා කිරිමේදී මෙම සන්නිවේදන උපකරණ තොගය සොයාගෙන තිබේ.
එහිදී නිතිවිරෝධීව මෙරටට රැගෙන එන ලද ලැප්ටොප් 09ක්, ස්මාර්ට් ජංගම දුරකථන 121ක්, කුඩා ජංගම දුරකථන 100ක්, චාජර් 240ක්, දුරකථන බැටරි 240ක් සහ දුරකථන ඇසුරුම් 240ක් සොයා ගැනුණි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ පොලීසිය විසින් සිදු කරනු ලබයි .
