අල්ගොඩ ප්‍රදේශයේ ගජ මුතු ජාවාරමක් සිදු කරන බවට දෙහිඕවිට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී දෙහිඕවිට , අල්ගොඩ ප්‍රදේශයේ දී ගජ මුතුවක් බවට සැකකරන වස්තුවක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
පොලිස් උපාය දුතයෙකු යොදවා ගජ මුතුව මිලදී ගැනීමට බව පවසමින් සැකකරුවන් අල්ගොඩ පාලම අසලට ගෙන්වාගෙන තිබේ . එහිදී ගජමුතුවක් බවට සැක කරන වස්තුවක් සහ වෑන් රථයක් සමඟ එම සැකකරුවන් සිව් දෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරේ ප්‍රධාන සැකකරුද වන බව සඳහන් .
එම ගජමුතුවට සමාන වස්තුව ග්‍රෑම් 19 මිලි ග්‍රෑම් 400 ක බරින් යුක්ත වන බව වාර්තා වේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල සහ පිරිමිතලාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (30) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
