” මන්නා” ගේ ” බුචා ” බඩුත් එක්ක මාට්ටු.

විදෙස්ගතව සිට මෙරට සංවිධානාත්මක අපරාධ මෙහෙයවන බව කියන මන්නා රමේෂ්ගේ ගෝලයකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බුචා යන අන්වර්ථ නමින් හැඳින්වෙන මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්රෑම් 5යි මිලි ග්‍රෑම් 280 ක්, ජාවාරම් මුදල් බවට සැක කෙරෙන රුපියල් 220680ක් සොයාගත් බව පොලිසිය කාර්ය බලකාය පවසයි.

මෙම සැකකරු 2020 වසරේ දී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

Exit mobile version