ගෙවුණු පෙබරවාරි මාසයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් භූ චලන වාර්තා වී තිබු අතර එම භූ කම්පනයන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තහවුරු කර තිබිණ.
ඒ අනුව
* පෙබරවාරි 10 වැනිදා රික්ටර් මාපාංක 3 ක අගයකින් යුත් භූ චලනයක් මොනරාගල, බුත්තල, වැල්ලවාය ප්‍රදේශයෙන්ද,
*එදිනම විනාඩි 3 කට පසුව ඉහත ප්‍රදේශ වලටම රික්ටර් මාපාංක 3.5 ක අගයකින් යුත් භූ චලනයක් ද,
*පෙබරවාරි 11 වැනිදා වැල්ලවාය නැගෙනහිර ප්‍රදේශය රික්ටර් මාපාංක 2.3 අගයකිනි භූ චලනයක් ද,
* පෙබරවාරි 22 වැනිදාද බුත්තල සහ වැල්ලවාය අතර කලාපයට රික්ටර් මාපාංක 3.3 කින් යුත් භූ චලනයක් ද,
*මාර්තු 19 ත්‍රිකුණාමලය, තිඹිරිවැව, ගෝමරන්කඩවල ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3 කින් යුත් භූ චලනයක් ද,
* මාර්තු 19 කිරින්ද, පලටුපාන මුහුදු ප්‍රදේශයෙ රික්ටර් මාපාංක 2.6 කින් යුත් භූ චලනයක් ද, ලෙසිනි.
එවන් පසුබිමක දිවයිනේ විවිධ ප්‍රදේශ වල ඇති වුනු සුළු සුළු භූ කම්පන තත්වයන් සම්බන්ධයෙන් .පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධිපති, මහාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා ප්‍රකාශ කොට ඇත්තේ “ශ්‍රී ලංකාවේ ජනතාව තේරුම්ගන්න අපේ පොළොව ඉතාම වාසනාවන්ත පීහිටීමක තියෙන්නේ. අපි ගොඩක් දුරයි භූතැටි මායිම්වලට. ඒ නිසා භූමිකම්පා ඇතිවෙන්නේ නැහැ ලංකා ගොඩබිමේ. ඉතින් ඒ හින්දා ලංකිකයින් අනිසි බියක් ඇතිකරගන්න එපා. පොළොව හෙළවුණාට අපිට විනාශකාරී කිසිම දෙයක් කේන්ද්‍රයක් ඇතිවන තත්ත්වයක් ඇත්තේ නැහැ.” ලෙසයි.
