මෙරට ජනප්‍රියම මාධ්‍යවේදියා ලෙස චමුදිත සමරවික්‍රම මහතා සම්මානයට පාත්‍ර විය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී නිමාවූ Popular Awards සම්මාන රාත්‍රියේදී සමරවික්‍රම මහතා මෙම සම්මානය ලබා ගත්තේය.
ඔහු මේ වන විට හිරු TV ආයතනයේ නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන අතර Youtube නාළිකාවක්ද පවත්වාගෙන යයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ද ප්‍රශ්න කතා කිරීම සදහා අවශ්‍ය වේදිකාවක් ඔහු නිර්මාණය කර තිබේ. ඒ තම යූ ටියුබ් නාලිකාව ඔස්සේය.
වංචා, දූෂණ, අක්‍රමිකතා හෙලි කිරීම පිළිබඳව වැඩි අවදානයක් යොමු කර තිබෙන ඔහු ඒ සදහා ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ ඉඩ ලබා දී තිබේ.
එසේම මාසයකට වාර කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද යන ඔහුට එරෙහිව විවිධ දූෂිත පුද්ගලයන් නඩුද පවරා තිබේ.
