චන්ද්‍රයාගේ නවතම ඡායාරූප .

පසුගිය සෙනසුරාදා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වූ ඉන්දීය චන්ද්‍රයාන් – 3 අභ්‍යවකාශ යානාව ලබාගත් ඡායාරූප මාධ්‍යට නිකුත්කර ඇති බව වාර්තා වේ.

එම පින්තූර මගින් චන්ද්‍රයාගේ මතුපිට ඇති ආවාට මැනවින් දර්ශනය වන බව සදහන්.

චන්ද්‍රයාන් -3 අගෝස්තු 23 වනදා චන්ද්‍රයා මත ගොඩබැස්සවීමට නියමිතය.
  
එය සාර්ථක වුවහොත් චන්ද්‍රයාගේ දකුණු අර්ධයේ යානාවක් ගොඩ බැස්සවූ පළමු රට ඉන්දියාව වන බව සදහන්.

එසේම අමෙරිකාව, සෝවියට් දේශය සහ චීනයට පසුව සඳ මත යානාවක් ගොඩ බැස්සවූ සිව් වැනි රට බවටද ඉන්දියාව පත්වෙයි.

Exit mobile version