වඩුන්නාගල ඓතිහාසික බෞද්ධ උරුමය පිළිබඳවත් , වර්තමානය වන විට මෙම පුරාවිද්‍යා උරුමය බෙඳුම්වාදී අන්තවාදීන් විසින් විනාශ කරමින් සිටින බවත් , ඒ සඳහා මැදිහත් වන ලෙසත් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය චන්න ජයසුමන මහතා විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එමෙන්ම මෙම පුරාවිද්‍යා ස්ථානයේ කිසිඳු ඉදිකිරීමක් නොකරන ලෙස අධිකරණයෙන් දන්වා තිබුණ ද පසුගිය දින කිහිපය තුළ දී අන්තවාදී පිරිස් විසින් විවිධ ආගමික ඉදිකිරීම් සිඳු කරමින් සිටින බව ද චන්න ජයසුමන මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
