වන අලි පහරින් දරුවා මරුට.

තලාව ප්‍රදේශයේ තිරප්පනේ වැව අසලදී ඊයේ (25) වන අලි පහරදීමකට ලක් වූ දරුවෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවට වාර්තා වේ.

යහළුවන් පිරිසක් සමග වන අලි නැරඹීම සදහා තිරප්පනේ වැව අසලට ගොස් සිටියදී අවුරුදු 15ක පමණ දරුවෙකු මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සදහන්.

මෙම දරුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවට තලාව පොලිසිය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version