“ප්‍රඥාවේ දරුවා” සම්මානය යාපනයේ දරුවෙකුට.

ඉන්දියාවේ තිරුවල්ලුවර් පදනම විසින් යාපනයේ වයස අවුරුදු පහක දරුවෙකුට “ ප්‍රඥාවේ දරුවා” නැමති විශේෂ සම්මානය පිරිනමා තිබේ.

සෙල්වන් සුදර්ශන් අරුණ නැමති මෙම දරුවා යාපනයේ කෝවිල්වල පූජාවන් තබන අවස්ථාවලදී තිරුවල්ලූවර් ගර්ජනාව පැහැදිලි කරමින් හින්දු දේශන පැවත්වීම නිසා එම දරුවාට විශේෂ සම්මානය හිමි වී ඇත.

දැනට යාපනය පොලිස් ස්ථානයේ සේවය කරන සුදර්ශන් නැමති පොලිස් නිලධාරියාගේ පුතෙකු වන අතර එම දරුවාට යාපනයේ කෝවිල් බොහෝමයකින් ද විවිධ සම්මාන පිරිනමා තිබේ .

( ලංකා සර )

Exit mobile version