ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයේ.

රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට (19) වර්ජනයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.

රෝහලේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට බලධාරීන් දිගින් දිගටම ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙලෙස වර්ජනයක නිරත වන බවත් , මෙම තත්ත්වයට රෝහල් අධ්‍යක්ෂකවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ බව සඳහන් වේ.

එමෙන්ම වර්ජනයක් සිදු කළද රෝහලේ හදිසි සේවාවන් ක්‍රියාත්මක බවත් ඔවුන් සඳහන් කර තිබේ.

Exit mobile version