අමුමිරිස් මිල ඉහළට – අලෙවිය පහළට.

හැටන් ප්‍රදේශයේ අමු මිරිස් කිලෝවක් රුපියල් 1300 දක්වා ඉහළ යාමත් සමග වෙළඳපළේ අමු මිරිස් හිඟයක් පැවතිම හේතුවෙන් මෙම ප්‍රදේශයේ පාරිභෝගිකයන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.

මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ
පිරිසක් පවසනුයේ “අමු මිරිස් මිල මෙසේ දැඩි ලෙස ඉහළ යාමත් සමග අමු මිරිස් හිඟයක්ද පවතින බවත් මෙම තත්ත්වයන් මත තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.”

මෙම තත්ත්වයන් පිළිබඳව සිදු කරන ලද විමසිමකදි අදහස් දැක්වූ නගරයේ එළවළු වෙළදුන් කිහිප දෙනෙකුම පවසන ලද්දේ අමු මිරිස් තොග මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග අමු මිරිස් අලෙවිය දැඩි ලෙස පහළ බැස ඇති බවයි.

එම තත්ත්වයන් මත පෙර මෙන් අමු මිරිස් අලෙවිය සදහා වැඩිපුර නොගැනිමත් සමග අමු මිරිස් හිඟයක්ද පවතින බව සදහන්.

Exit mobile version