ඇමෙරිකාවේ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කරයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා සහ චීන ආරක්ෂක ලේකම්වරයා අතර හමුවක් සඳහා ඇමෙරිකාව විසින් සිඳු කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා වේ.

මෙම සාකච්ඡාව ලබන සතියේ සිංගප්පූරුවේ පැවැත්වීමට නියමිත අතර එය ෂැංග්‍රිලා ඩයලොග් නමින් හඳුන්වන බව සඳහන්.

ඇමෙරිකාව විසින් සිඳු කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මෙතෙක් හේතුවක් ප්‍රකාශ කර නොමැති අතර වත්මන් චීන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා 2018 වර්ෂයේ දී ඇමෙරිකාව සම්බාධක පැවනවීම මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස සැකකරන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version