චීන ජනපති ෂී ජින්පින්ග් සහ යුක්‍රේන ජනපති වොලොඩිමයර් සෙලෙන්ස්කි පැයක පමණ දුරකථන සංවාදයක නිරත වී ඇති අතර රුසියාව , යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු චීන ජනපති විසින් යුක්‍රේන ජනපති ඇමතූ ප්‍රථම අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සංවාදයේදී ද්වීපාර්ශ්වික සම්බන්ධතා සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා කළ බවත් , සාමය ස්ථාපනය කිරීම සඳහා යුක්‍රේනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීන ජනපති එකඟ වී ඇති බවත් සඳහන්.
