චීන ඇමෙරිකා සාකච්ඡා සාර්ථකයි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (18) චීනයේ සංචාරයක නිරත වූ අතර එහිදී චීන විදේශ අමාත්‍යවරයා සමඟ චීන – තායිවාන ගැටළුව සම්බන්ධයෙන් පැය පහකට ආසන්න කාලයක් තුළ දී සාකඡාවක් පවත්වා තිබේ. එහිදී දෙරට අතර බලපාන ආර්ථික ගැටළු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති අතර මෙලෙස චීන – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

  එය වසර 5 කට පසුව ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු චීනයේ සිදු කළ ප්‍රථම සංචාරය වන බව සඳහන්.

Exit mobile version