චීනයේ විදේශ කටයුතු උප අමාත්‍යවරයා දිවයිනට.

චීනයේ විදේශ කටයුතු උප අමාත්‍ය සුන් වෙයිඩොන්ග් ඇතුළු එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ දූත පිරිසක් චීන – ශ්‍රී ලංකා දෙරටේ 12 වැනි රාජ තාන්ත්‍රික උපදේශන වටයට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම උපදේශන වටය මේ වන විට ආරම්භ වී ඇති අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මෙහි සම සභාපති ධූරය දරණ බව සඳහන්.

Exit mobile version