චීන ආරක්ෂක ඇමති රුසියාවට.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆු අතර සාකච්ඡාවක් රුසියාවේදී පවත්වා ඇති අතර එහිදී ආර්ථික , දේශපාලන හා යුද සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද සබඳතා මෙන්ම තාක්ෂණික තොරතුරු ද හුවමාරු කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට සිය රට කැමැත්තෙන් සිටින බවත් , දෙරට අතර සබඳතාවලට සීමාවක් නොමැති බවත් චීන ආරක්ෂක අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබේ.

චීන ආරක්ෂක අමාත්‍යවරයා තමාට අමාත්‍ය ධූරය ලැබීමෙන් පසු සිඳු කළ ප්‍රථම විදේශ සංචාරය මෙය බව සඳහන්.

Exit mobile version