චීන හැකර්වරු ඇමෙරිකාවටත් විදීයි.

චීන හැකර්වරු විසින් ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ගිණුම්වලින් විද්‍යුත් පණිවුඩ දස දහස් ගණනක් සොරකම් කිරීමට සමත්ව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තු තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ සාකච්ඡාවක දී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

සෙනට් සභා නියෝජිතයෙකු විසින් ද මෙම තොරතුරු තහවුරු කර ඇති බව සඳහන්.

ඒ අනුව චීන හැකර්වරු විසින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගිණුම් 10 කින් විද්‍යුත් තැපැල් පණිවුඩ 60,000ක් සොරකම් කර ඇති බවට නිරීක්ෂණය වී ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version