චීන ජනපති තෙදින නිල සංචාරයක් සදහා රුසියාවට ගිය අතර එම තෙදින නිල සංචාරය අදින් (22) අවසන් වී රුසියාවෙන් පිටව යෑමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නිල සංචාරයේදී චීන ජනපති විසින් රුසියා – යුක්‍රේන යුද්ධය නිම කිරීම සදහා සැලැස්මක් යෝජනා කළ අතර සංවාදයක් තුළින් ගැටලුව නිරාකරණය කර ගත යුතු යැයි ඔහු ප්‍රකාශ කරන ලදී.
නමුත් රුසියානු සෙබළුන් යුක්‍රේනයේ රැදී සිටින තුරු කිසිදු සංවාදයකට සහභාගී නොවීමට යුක්‍රේනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
