පල්ලේගම සුමන නමින් පෙනීසිටි චීවරධාරියා අත්අඩංගුවට .

නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් ලෙස හඳුන්වමින් නිවසක සිටි පල්ලේගම සුමන නමැති චීවරධාරියෙක්ව අද (08) දින නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිලි මත ප්‍රදේශයේ කාන්තාවන් කිහිප දෙනෙකුට නොමනා ක්‍රියාවන් සිදු කළ බවට ලැබී තිබූ පැමිණිලි මත එම චීවරධාරියාව පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරගැනීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මීට මාස 02කට පමණ ඉහතදී කාන්තාවන් දෙදෙනෙකුට සහ මෙම චීවරධාරියාට නිවසක් තුළදී ගම්වාසීන් විසින් පහරදීමේ සිද්ධියක් හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාර චීවරධාරියාව අද (08) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව සදහන්.

Exit mobile version