ඇස් රෝගයෙන් 5 ශ්‍රේණියක් වැසේ.

අක්ෂි රෝගයක් පැතිර යාම හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති අතර එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබේ .

රෝග ව්‍යාප්තිය පාලනය කිරීම හා සෙසු ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම පන්ති කාමරයේ සියලු සිසුන්ට නිවාඩු ලබාදීමට පාසල් බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් .

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන්නේ දරුවන් අතර පැතිර යන අක්ෂි රෝගයක් කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකින් මේ දිනවල වාර්තා වන නමුත් ඒ පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බවයි.

එමෙන්ම රෝග ලක්ෂණ පවතින දරුවන් පාසල් යැවීමෙන් වැළකී සිටීමට මව්පියන් පියවර ගත යුතු බවද සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ .

Exit mobile version