ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “කොඇමොක්සික්ලෙව්” ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බව තහවුරු වී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් වෛද්‍ය සැපයුම් අංශය මෙම ඖෂධය භාවිතයෙන් ඉවත් කරන ලෙස රෝහල්වලට දැනුම් දී ඇති බව සදහන්.
කොඇමොක්සික්ලෙව් ඖෂධය ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇතුළු බැක්ටීරියා රෝග සදහා මෙරට බහුලව භාවිතා කරන ඖෂධයක් වන අතර ළමා රෝගවලදී පළමු පෙළ ඖෂධයක් ලෙස භාවිතා වේ.
මීට පෙර අවස්ථාවක ද මෙම ප්‍රතිජීවක ඖෂධය තත්ත්වයෙන් බාල ඖෂධයක් බවට තහවුරු වී ඇති අතර මෙම ඖෂධය නිපදවනු ලබන්නේ කළුතර ප්‍රදේශයේ සමාගමක් විසිනි.