පොල් හොරාට වෙඩි ප්‍රහාරයක්.

ඊයේ (01) සවස 5.20 ට පමණ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් වත්තක පොල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට අදාළ වත්තේ මුරකරු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ .

වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ .

වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇත්තේ, යක්විල – හැගව පදිංචිකරුවෙකි.

තමා පොල් සොරකම් කිරීමට ගිය අවස්ථාවේ දී වත්තේ මුරකරු විසින් වෙඩිතැබීම සිදුකළ බවට තුවාල ලැබු පුද්ගලයා පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර තුවාලකරුගේ වම් අතට සහ කොන්දට වෙඩි වැදී ඇතැයි අනාවරණය වී තිබේ.

වෙඩිතැබීම සිදුකළ මුරකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, පන්නල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

Exit mobile version