කොළඹ – බදුල්ල මාර්ගය අවහිර වෙයි.

පස් කඳු කඩා වැටීම් හේතුවෙන් කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය අවහිර වී ඇති බව වාර්තා වේ.

හපුතලේ සහ බෙරගල අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක මෙලෙස පස් කඳු කඩා වැටී ඇති බව සදහන්.

නැවත දැනුම්දෙනතුරු එම මාර්ගයේ රථ වාහන ධාවනය සිදු නොකරන ලෙස සහ එම ස්ථාන නැරඹීමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවට දැනුම්දී තිබේ.

Exit mobile version