අද කොළඹට වතුර නෑ.

අද (07) පස්වරුවේ සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.

කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම් අත්හිටුවීමට නියමිත බව සදහන්.

ඒ අනුව අද පස්වරු 05 සිට හෙට (08) පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බවට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කර තිබේ.

Exit mobile version