කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට.

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ (21) දිනයේදී ඉහළ යාමක් සිදු වූ අතර සියලු කොටස් මිල දර්ශකය , ඒකකය 135.87 කින් ඉහළ ගොස් ඒකක 9272 ක් ලෙස සටහන් වූ බව වාර්තා වේ.

එමෙන්ම එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකයේද ඒකක 50.96 කින් ඉහළ ගොස් ඒකක 2657.11ක් ලෙස වාර්තා වූ බව සඳහන්.

එමෙන්ම ඊයේ (21) දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් මිලියන 1644ක් බව වාර්තා වී තිබේ.

Exit mobile version