විදුලිය විසන්ධි කර ඇති මිහින්තලා පුදබිම වෙත ඊයේ (03) රාත්‍රියේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් පන්දම් දල්වා ගනිමින් එහි නැරඹුම් ස්ථාන නිරික්ෂණය කර තිබුණු බව වාර්තා වේ.
ඒ, 2022 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා රුපියල් ලක්ෂ 41ක විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් විසින් ඊයේ මිහින්තලා පුජා භුමියේ විදුලිය විසන්ධි කිරීමට කටයුතු කිරීමත් සමඟයි.
විදුලි බල මණ්ඩලය සඳහන් කළේ, ලබා දී තිබූ සහන කාලය ද අවසන් වූ පසුව සිදුකළ දැනුම්වත් කිරීම් නොසලකා, අඛණ්ඩව ගෙවීම් පැහැර හැර තිබීම හේතුවෙන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධි කිරීමට සිදුවූ බවයි.
කෙසේවෙතත් ඊයේ රාත්‍රියේ මිහින්තලේ පුදබිමට විදෙස් සංචාරකයන් 50කට ආසන්න පිරිසක් පැමිණ සිටි අතර, ඔවුන් විදුලි ආලෝකය නොමැතිව මිහින්තලා පුදබිම නරඹන ආකාරය දක්නට ලැබිණි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පැවසුවේ, වන සතුන් සිටින බැවින් මිහින්තලා පුදබිමට පැමිණෙනවා නම්, ඇඳිරි වැටීමට පෙර පැමිණෙන ලෙසයි.














































