ගාසා තීරයේ සන්නිවේදන පහසුකම් යථාතත්ත්වයට .

ගාසා තීරයේ බිඳ වැටුණු දුරකථන, අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යථා තත්ත්වයට පත් කර තිබෙන බව වාර්තා වේ .

පසුගිය සිකුරාදා දිනයේ සිට සන්නිවේදන පද්ධතිය බිඳ වැටී තිබූ අතර ඒ හේතුවෙන් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත්වී සිටින ගාසා තීරයේ ජනතාවට බාහිර ලෝකය සමග තිබූ සබඳතාවන් ගිලිහී ගොස් තිබුණි.

නමුත් මේ වනවිට ගාසා තීරයේ බොහෝ ප්‍රදේශවල දුරකථන හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර ඇතැයි පලස්තීන බලධාරීන් සඳහන් කර තිබේ .

Exit mobile version