නියඟයෙන් හානි සිදුවූ බෝග 6කට වන්දි.

පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (29) ප්‍රකාශ කළේ හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බවයි.

අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version